අපේ විත්ති







තෙරුවන් සරණයි!




ගෝතම අරණ විහාරස්ථානයේ විහාරාධිපතිනිය වශයෙන් කටයුතු කරන ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ වන මම,2016 වසරේ සුවිශේෂී දිනයක ගරු හොරණ සුසිලා මෙහෙණින් වහන්සේගේ මගපෙන්වීම යටතේ සහ ගරු වැල්ලම්පිටියේ විනයවංශ ස්ථවිරයන් වහන්සේගේ මූලිකත්වයෙන්, බටේවෙල, ‘අමාදම් අරණ’ විහාරස්ථානයේ දී උතුම් පැවිදි දිවියට පත් විය. එය මාගේ ජීවිතයේ මා පසු කළ සුවිශේෂී ම කඩඉම මෙන්ම මා ලද උතුම් ම භාග්‍යය ද විය. Aramaya එතැන් පටන් ගතවන සෑම මොහොතක් පාසා මා සිත තුළ ඒ සතුට රැදී තිබුණි. කාලයත් සමඟම මගේ දහම් අවබෝධය ද, ගුරු මෙහෙණින් වහන්සේලා, ගුරු ස්වාමීන් වහන්සේලා රාශියකගේ ගුරු හරුකම් මැද වර්ධනය විය. මා ලද දහම් අවබෝධය ත්‍රිපිටක පරිශීලනයෙන් තව දුරටත් ප්‍රගුණ විය.මෙහිදී විශේෂයෙන්,

මෙම ශ්‍රී බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පහසුවෙන් පරිශීලනය කළ හැකි ආකාරයට නැවත සැකසීමේ අති භාරධූර වූ සත්කාර්යය සඳහා මූලිකත්වය දරමින් ඉමහත් පරිශ්‍රමයක් දරණ ලද අති පූජනීය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ ගෞරවපූර්වකව සිහිපත් කරන අතර උන්වහන්සේගේ ගුරුහරුකම් ලැබීමට හැකිවීම ද මා ලද භාග්‍යයකි.

ලොව්තුරා තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගුරු හරුකම් නැතිව ලැබිය නොහැකි බව වටහා ගත් මා හට, මා අත්විඳින්නා වූ මානසික නිදහස අන් අයටද ලබා දීමේ ප්‍රබල උවමනාවක් මා සිත තුළ විය.

2016 වසර අග භාගයේ දී සදහම් සාකච්ඡාවක් සඳහා මා හමුවීමට පැමිණි මදුර හපුආරච්චි මහතා, එතුමා විසින් ශ්‍රවණය කරන ලද සත්ධර්මය වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමේ බලවත් උවමනාව පෙරදැරි කරගෙන නව විහාරස්ථානය නිර්මාණය කිරීමට මූලික අඩිතාලම සැකසුණි. මේ සත්කාර්‍යය මුදුන්පත් කරගැනීම සඳහා දෙස් විදෙස් පින්වතුන් විශාල පිරිසක් අප වටා එක් විය.

2017 වර්ෂයේ සිටම දිවයිනේ ප්‍රදේශ කිහිපයකම භාවනා වැඩසටහන්, දේශනා වැඩමුළු පැවැත්වීමට අවස්ථාව ලැබුණු අතර, පුද පූජා කටයුතු ද නොනැවතී කරගෙන දහම් මාර්ගය තුළ ම කටයුතු කළෙමු. ඒ අතරතුර 2018 වසරේ අප්‍රේල් 28 වන දින ‘ගෝතම අරණ’ නමින් විහාරස්ථානය ඉදි කිරීමට මුල් ගල තැබූ අතර, විශාල පිරිසකගේ කැපවීම මත නොසිතූ ලෙස එහි ඉදිකිරීම් කටයුතු ඉක්මනින් නිම විය.

ඒවාගේම, 2018 වසරේ දී නිවන් මග වැඩීමේ ඒකයන අරමුණෙන් යුතුව, මාගේ අනුශාසකත්වය යටතේ තවත් මෙහෙණින් වහන්සේලා දෙනමක් පැවිදි දිවියට මුල පිරීය. එය මාගේ ජීවිතයේ මා පසු කළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් විය. මෙතැන් පටන් මෙහෙණින් වහන්සේලා ත්‍රිත්වයක් ලෙස අපි ගමන් ඇරඹුවෙමු.

2019 වර්ෂයේ වෙසක් මස 16 වන දින යෙදුණු සුභ මුහුර්තියෙන්, ගුරු ස්වාමීන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ජායනා ආශිර්වාද මැද ගෝතම අරණ විහාරස්ථානයේ කටයුතු ආරම්භ විය. රයිගම් කෝරළයේ කුඹුක පත්තුවේ, උදාගිරි උයන නම් වූ සුන්දර ගම්මානයේ මනරම් කඳු මුදුනක ගෝතම අරණ විහාරස්ථානය පිහිටා ඇති අතර නිවනට මග පෙන්වන විහාරස්ථානයක් ලෙස මේ දක්වා ක්‍රියාත්මක විය.

Aramaya ගෝතම අරණ විහාරස්ථානයේ ඉදිකිරීම කටයුතු සිදු කරන ලද කාල සීමාව පුරාම, මුල් කමිටු සාමාජිකයන් තම තමන්ගේ කාර්යභාර්ය මැනවින් නොපිරිහෙළා සිදු කළ අතර, ඔවුන්ගේ සහය විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු වල දී මට විශාල ශක්තියක් විය. සියලුම කමිටු සාමාජිකයන් ඇතුළු මේ සත් කටයුතු සඳහා අතහිත දුන්නා වූ ද, සාදුකාරයකින් හෝ සහසම්බන්ධ වුණා වූ ද, නිවන් මග අන් අයට ද විවර කර දීමට කාලය, ශ්‍රමය කැප කර දැරූ ප්‍රයත්නය උදෙසා ඒ සියලුදෙනාටත් නිවන් මග පහසුවෙන් වඩා ගැනීමට මෙත් සහගත සිතින් ආශිර්වාද කරමි. එය මා හට කළ හැකි කෘත ගුණයක් ලෙස සලකමි.

ඒවාගේම, ගෝතම අරණ විහාරස්ථානය නිර්මාණය වීමෙන් පසුව පත් වූ නව කමිටු සාමාජිකයන්ගේ ද, පින් කැමති දායකයන්ගේ ද නොමඳ සහයෝගයෙන් මේ වන විටත් ඔවුන්ගේ කාර්‍යභාරයන් මැනවින් සිදු කරනු ලබයි.









‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය තුළින් ම රැකෙන බව, මට මේ දක්වා ගත කළ කාලය තුළ මැනවින් පසක් විය. යම් මේ එක් දහමක් වේ නම්, එය බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම වේ. සියලු පාරමිතා ධර්ම පූර්ණය කර බුද්ධත්වය ලබා ශ්‍රී සද්ධර්මය ලෙස දේශනා කරන්නේ පෙර නොඇසූ විරූ දහමක්ම ය. එනම්, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මුල, මැද, අග ගලපමින් දේශනා කළ මේ එක් දහම, සිත රාගයෙන් ඇලීමටත්, ද්වේශයෙන් ගැටීමටත්, මෝහයෙන් මුලා වීමටත් නොදී සිත රැක ගැනීමට, මට මහඟු උපනිශ්‍රයක් ම විය. එය ඇත්ත වශයෙන්ම මාගේ ජීවිතයේ මා ලද එකම ආශිර්වාදය විය. යෝනිසෝමනසිකාරය තුළින් වැරදුණු ජීවිතය යළි ගොඩනඟන අමෘත පානය නම් නිවනයි. එය මෙලොවදී ම අත් දකින දෙයක් මිස, මිය පරලොව ගොස් ලබන්නක් නොවන බව ලෝකයට කියන්නට මට අවැසි විය.

මෙහෙණින් වහන්සේ නමක් ලෙස මා ගත කරන ජීවිතයේ සැනසීම කියන්නට මට වචන නැත. සියලු අභියෝග ජය ගන්නට මේ ධර්මය ම මට ඉවහල් විය. ඔබ සියලුදෙනාටත්, මේ සසර බිය දැක මිදෙන්නට, ඒ අමා වැස්සෙන් දිය බිඳක් පානය කරන්නට, නිවනෙන් නිවී සැනසෙන්නට, ගෝතම අරණ දොරටු විවරව ඇත.

‘තං සුනාථ, සාදුකං මනසිකරෝථ’ ‘ධර්මය අහන්න, මනා සේ මෙනෙහි කරන්න’
උතුම් මනුෂ්‍ය අත්භවයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුළ කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලීක නිවන් සුව ලබනු පිණිස සියලු දෙනා උත්සාහවත් වෙත්වා…!!!







ගෝතම අරණ කමිටුව

...

නිරෝෂන් මද්දුමගේ මහතා

කමිටු සාමාජික


බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය, අප ගත කරන ජීවිතය තුළින් ආලෝකය කරා යන්නට මඟ හසර පෙන්වන වටිනා ඉගැන්වීමකි. අප ගත කරන මේ ජීවිත තුළ ඇති වන පීඩාකාරී සහ දුෂ්කර කාල වලදී ද මේ උතුම් යථර්තය අපට මනාව අත් දැකිය හැකිය.

Read More...

...

මදුර හපුආරච්චි මහතා

කමිටු සාමාජික

2016 වසරේ සිට පූජ්‍ය ධම්ම විජිතා මෙහෙණින් වහන්සේගේ ආධ්‍යාත්මික මගපෙන්වීම ලැබීමට තරම් මා භාග්‍යවන්ත වූ අතර, ඒ ගුරුහරුකමින් මා ගත කරමින් සිටි ජීවිතය වෙනස් කර ගැනීමට හැකි විය. බුද්ධ දේශනාවේ මූලික හරය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් දිනයේ සිට ම අපි අන්‍යයන්ටත් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දීමට අවස්ථා සොයමින් සිටියෙමු.

Read More...

...

නාලනී කාරියවසම් මහත්මිය

කමිටු සාමාජික

"ගෝතම අරණ" ආරාමය පිහිටුවීමට පෙර සිට මාගේ ජීවිතයේ දිශානතිය වෙනස් කිරීමට ගරු ධම්ම විජිතා මෙහෙණින් වහන්සේගෙන් මට මහඟු අත්වැලක් ලැබුණි.

Read More...

...

තේජා ගජනායක මහත්මිය

කමිටු සාමාජික

තේජා ගජනායක වන මම, 2018 ආරම්භයේ සිට ම ගෝතම අරණ ආරාමය සමඟ සම්බන්ධ වී සිටින අතර, සෑම විටම ආරාමය මඟින් සිදු කරන ධර්ම දේශනා, භාවනා වැඩසටහන් සහ අලංකාරව, ප්‍රසාදය උපදින අන්දමින් සිදු කරන බුද්ධ පූජා කටයුතු සඳහා නිරන්තරයෙන් ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින්නෙමු.

Read More...

...

උදයකාන්ත ලක්විජය මහතා

කමිටු සාමාජික

2018 වර්ෂයේ දී පූජ්‍ය ධම්ම විජිතා මෙහෙණින් වහන්සේගේ ධර්ම සාකච්ඡාවකට සහභාගී වී පෙර නොඇසූ විරූ ධර්මයක් ශ්‍රවණය කිරීමට මාගේ පවුලේ සාමාජිකයන් සමඟ මට ද භාග්‍යයක් ලැබිණි. පරම යථාර්ථය පිළිබඳ අවබෝධය අපට පුදුම සහගත අත්දැකීමක් ලබා දුන්නා පමණක් නොව, වැඩිදුර ගවේෂණය සඳහා අභිලාෂයක් ද අපට ඇති කළේය.

Read More...

...

නිමීර වීරරත්න මහතා

කමිටු සාමාජික

2018 වසරේ සිට ගරු ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ ඇසුරු කිරීමට මා භාග්‍යවන්ත වූ අතර, නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට මටත් මගේ පවුලේ අයටත් සිදු වූ උතුම්ම භාග්‍ය බව කීමට කිසිඳු පැකිලීමක් නැත.

Read More...









කැපකරු මණ්ඩලය

...

නිසංසලා හෙට්ටිආරච්චි මහත්මිය

කැපකරු සහ වැඩසටහන් සම්බන්ධීකාරක

2018 වර්ෂයේ මුල්ම වරට මෙහෙණින් වහන්සේලා පිළිබඳව මාගේ ස්වාමිපුරුෂයා මාර්ගයෙන් තොරතුරු දැන ගැනීමෙන් පසුව උන්වහන්සේලාව සියැසින් දැක ගැනීමේ උවමනාව මා තුළ විය. ඒ අනූව 2019 වර්ෂයේ දී වෙසක් පුන් පොහෝ දින ආරාමයේ සිදු කළ පළමු පෝය දින සම්පූර්ණ දානය අපගේ දායකත්වයෙන් සිදු කිරීමට අපට භාග්‍ය හිමි විය.

Read More...

...

ඉමල්ෂා කප්පාගොඩ මහත්මිය

කැපකරු සහ වැඩසටහන් සම්බන්ධීකාරක

පෙර නොඇසූ විරූ උතුම් වූ සද්ධර්මය මා හට අසන්නට අවස්ථාව, වාසනාව ලැබෙන්නේ 2018 වසරේ දී ගරු ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ මාර්ගයෙනි. උන්වහන්සේගේ ඇසුර මා ඇතුළු පවුලේ සියලුදෙනා හට ජීවිතය නව මාවතකට යොමු කිරීමට උපකාර වූ බව කිවයුතුමය...

Read More...

...

මනෝරි කුරේ මහත්මිය

කැපකරු


2018 වර්ෂයේ සිට ගරු ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ ඇසුරු කිරීමටත්, නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් මම භාග්‍යවන්ත වූයෙමි. මෙහෙණින් වහන්සේගේ සෙවණේ සෑම සති අන්තයකම භාවනා වඩමින් ගත කළ කාලය මම සැබවින්ම නිවන් සුවය කුමක්දැයි හඳුනා ගත් සමයයි. රාග, ද්වේශ, මෝහ වඩමින් ගත කළ කාලය ටිකෙන් ටික නිමා කරමින් වේගයෙන් හඹා ගිය ලෝකයේ අසාර බව වටහා ගත්තෙමි.

Read More...

...

දර්ශා අමරතුංග මහත්මිය

කැපකරු

"මාගේ පියාගේ ගුරුහරුකම් යටතේ අවුරුදු හතේ පමණ සිට ඉරිදා ගුවන්විදුලි ධර්ම දේශනා ශ්‍රවණය කළෙමි. මෙලෙස වසර හතලිහක් පමණ කාලයක් පුරාවට විවිධ ධර්ම දේශනා වලට ඇහුම්කන් දුන්නත්, "නිවන යනු කුමක් ද?" "නිවන සාක්ෂාත් කළ හැක්කේ කෙසේ ද?" යන්න හැමදාමත් මා සිත පැළපැදියම් වූ ගැටලුවකි. 2017 වසර අග භාගයේ දී අන්තර්ජාලය ඔස්සේ "නිවන් මග" ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ දී අසන්නට ලැබුණේ නිවන යනු මරණයෙන් පසු ලැබෙන දෙයක් නොව ජීවත්ව සිටිය දීම සාක්ෂාත් කළ හැකි යතාර්ථයක් බවයි.

Read More...




















© Copyrights. All rights reserved. Gothama Arana