...

ලොව්තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!


”මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබළයි. වැසුණේ නොම බබළයි.”

(අංගුත්තර නිකාය, තික නිපාත, 510 පිටුව) පන්ලක්ෂ දොළොස්දහස් විසි අටක් බුදුපියාණන් වහන්සේලා පසු කරමින් ආ අනාථ ගමනේ නිමාව දකින්නට, නිවන් දොරටු විවර කර ගැනීමට හිත කැමති පිරිසට දහම් ඇස පාදා ගැනීමට මඟ හසර පෙන්වා දෙමින්, සුගත තථාගතයන් වහන්සේ විසින් දේශිත උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සූත‍්‍රයට බහා බලමින් විනයට සසඳමින් මේ සංසාර කතර තරණය කොට නික්ලේෂී වූ නිවන් මඟ තුළ පිහිටා සිටීමට මේ ධර්ම දායාදයෙන්, නිවී සැනසෙන්න කැමති මිනිසාට තුටු පඩුරක්ම වේවා!!!

චතුරාර්ය සත්‍ය ධර්මය කාලයාගේ වැලිතලාවෙන් වැසී යන්නට මත්තෙන්, අවබෝධ කර ගන්නට සහ අන් අයට ද මේ අමා දිය දහරෙන් බිඳක් හෝ සිත නිවාලන්නට මඟ පාදා දීම, මෙම වෙබ් පිටුව නිර්මාණය කිරීමේ අප සියලූ දෙනාගේ අභිප්රායයි. කෙළෙස් මලින් අපිරිසිදු කරගන්නා අශුද්ධ මානසිකත්වයෙන් මිදෙන්නට, උත්තරීතර තථාගත ධර්මය මුල, මැද, අග ගලපමින් අවබෝධ කර දෙන්නට දරන්නා වූ මෙත් සහගත ප්‍රයත්නයකි මේ. ඔබට මට පමා වන්නට නොව, මිදෙන්නට මේ කාලයයි………








“Dhuthīya Sāripuththa Sutta”


“Sāripuththa, it is stated: “sōwān aṅga”, “sōwān aṅga” (requisites to be a Stream Enterer). How would one explain sōwān aṅga?”

“Rev. Sir, there are four requisites to be a Stream Enterer (sōwān). These are; i) being associated with a Noble Friend, ii) listening to the explanations by the Noble Friend of the ‘Pure Dhamma’, iii) analyze the Dhamma being heard, and iv) behaving within the Dhamma that has been comprehended (thoughts, words and behavior) ”

“Well said Sāripuththa, well said”, The Lord Buddha appreciated.


(Saṁyutta Nikāya 5-2 - pg 147)






“දුතීය සාරිපුත්ත සූත්‍රය”


"සාරිපුත්ත, සෝවාන් අඟ සෝවාන් අඟැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ" යි? "වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි" යි. "සාරිපුත්ත මැනවි, මැනවි".


(සංයුත්ත නිකාය 5-2, පිටුව 147)











ගෝතම අරණ විසින් පවත්වන ලද වැඩසටහන්





...
වෙසක් පුර පසළොස්වක පොහෝ දින ගෝතම අරණ විහාරස්ථානයේ දී සිදු කරන වැඩසටහන් මාලාව

2024, 2024 මැයි 23 (බ්‍රහස්පතින්දා)
Past program


විමසීම් :

ගෝතම අරණ විහාරස්ථානය
+94 76 599 8926

නිසංසලා මහත්මිය
+94 77 759 8025

...
"විදර්ශනා" සජීවී ආර්‍ය කර්මස්ථාන භාවනා වැඩසටහන් මාලාව

2024, පෙබරවාරි 03 වන සෙනසුරාදා සිට පෙබරවාරි 14 වන බදාදා දක්වා
Past program


විමසීම් :

නාලනී මහත්මිය
+94 77 786 3362

ප්‍රනීත් මහතා
+94 77 635 1461

ක්‍රිශාන් මහතා
+94 76 584 8105

...
"අකම්පිත" සජිවී සදහම් සාකච්ඡාව සහ භාවනා වැසටහන නවසීලන්තයේ හැමිල්ටන් පුරවරයේ දී

2023 දෙසැම්බර් 23 සිට 2024 ජනවාරි 14 දක්වා
Past program


විමසීම් :

මිගාර මහතා
+64 21 134 6167

රුචිර මහතා
+64 210 224 8384





උතුම් වූ ධර්මාවබෝධය සඳහා සෝතාපත්ති අංග සපුරා ගැනීමට, සජීවීව පැමිණ සදහම් දේශනා වලට සවන් දීම අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.









කර්මස්ථාන

...
...
...
...
...
...
...
...












“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

(සළායතන වර්ගය – උද්දාන ගාථා)




"Dasabalasēlappabhavā Nibbānamahāsamuddapariyantā Aṭṭhaṁgamaggasalilā jinavacananadī ciraṁ vahatūti"

May rivers of the Noble Utterances of Lord Buddha, flow so long, ending the sufferings of all living beings!

(Salāyathana Wagga – Udāna Gāta)
















© Copyrights. All rights reserved. Gothama Arana