සදහම් දේශනා




විහාරස්ථානය මගින් සිදුකරන සදහම් දේශනා




12. දාන ඵලයාගේ විපාක ගැන ඔබ දැනුවත් ද? New

29 | මාර්තු | 2024 | ගරු. ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

“ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, නිවන් මග දොරටු විවර කර ගැනීම සඳහා සහ එතැන් පටන් නිවන් පූර්ණ කර ගැනීම දක්වා ඇති ගමන් මග තරණය කිරීමට "දානය" පූජා කිරීමෙන් ලැබෙන මහඟු පිටුවහල, පෙළ දහමේ දැක්වෙන සූත්‍ර දේශනා ඇසුරෙන් විස්තර කෙරෙන සදහම් දේශනාවකි.

ඒ වාගේම ඔබගේ දුවා දරුවන්, දෙමව්පියන්, නෑදෑ හිතමිතුරන් ද මේ දහම් මගට ප්‍රවිෂ්ට කරගැනීමට ඇති එකම මග ද "දානය" බව බුද්ධ දේශනාවට අනූව විග්‍රහ කෙරෙයි. අප ජීවන ගමනේ අත්දකින "ලැබීම්" සහ "නොලැබීම්" සිදුවන ආකාරය ද, අප ජීවිත දහම් මගට යොමුකර නිවනින් නිවී සැනසීමට ඇති මග "දාන ඵලයාගේ විපාක" නම් මෙම සදහම් දේශනාව තුලින් විග්‍රහ කෙරේ.”

11. ක්ෂණය සහ අක්ෂණය ගැන ඔබ දැනුවත් ද?

29 | දෙසැම්බර් | 2022 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

උත්තරීතර ශ්‍රී සද්ධර්මය අවබෝධ කරන්න ගැනීමේ අති දුර්ලභ භාග්‍යය අහිමි කරගනිමින් බියකරු අනන්ත සංසාර ගමනක් පැමිණි අපහට, ශ්‍රී සද්ධර්මය ජීවමානව විද්‍යමාන වන මේ මොහොතේ ඒ ලද අති දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන සදහම් දේශනයකි.

10. සියළු ආශ්‍රවයන් ප්‍රහාණය කරන මාර්ගය කුමක් ද?

20 | නොවැම්බර් | 2022 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

සද්ධර්ම ශ්‍රවණය තුළින් මූලික දහම් අවබෝධය ලැබීමත්, මූලික දහම් අවබෝධයෙන් පසු භාවනාව තුලින් ඉතිරි සංජෝජන ප්‍රහාණය සඳහා අවශ්‍ය මානසික පසුතලය සැකසීම සඳහා ප්‍රගුණ කළයුතු කාරණාත් "සබ්බාසව සූත්‍ර දේශනාව" ඇසුරෙන් විග්‍රහ කෙරෙන සදහම් දේශනාවකි.

09. සත් සැත්තෑ (77) ඥාණ දර්ශන අප විදර්ශනා කරන්නේ කෙසේ ද?

22 | ජනවාරි | 2021 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර වූ පටිච්චසමුප්පාද ධර්මය සත්සැත්තෑ (77) ආකාරයකින් දකිමින්, එදිනෙදා ජීතයේ දී ප්‍රායෝගිකව නිවන් මග වඩන ආකාරය පෙන්වා දෙන සදහම් විග්‍රහයකි.

08. සප්ත බොජ්ජංග නිවැරදිව වඩන ආකාරය ඔබ දන්නවා ද?

11 | දෙසැම්බර් | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

සිත සැඟවුණු සහ සිත විසිරුණු අවස්ථාවලදී, නැවත සිත සමාධිගත කරගෙන භාවනා වඩාගනිමින්, නිවන් මග පූර්ණය කරගැනීමට සප්ත බොජ්ජංග ප්‍රායෝගිකව වඩන ආකාරය විග්‍රහ කෙරෙන සදහම් දේශනයකි.

07. විතක්ක විචාර වලින් මිදෙන්නේ කෙසේ ද?

01 | දෙසැම්බර් | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

භාවනා වැඩීමේදී චිත්ත සමථයට බාධක වශයෙන් සිතට නැගෙන කාම, ව්‍යාපාද සහ විහිංසා විතක්කයන්ගෙන් සිත මුදවා ගෙන, භාවනා වැඩීම සඳහා ප්‍රායෝගිකව මග පෙන්වන සදහම් විග්‍රහයකි.

06. සතර මහා ධාතූන්ගේ ආශ්වාදය, ආදීනවය, නිස්සරණය තතු සේ දකින්නේ කෙසේ ද?

02 | නොවැම්බර් | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

සතර මහා ධාතූන් කෙරෙහි චන්දරාගයෙන් බැඳෙමින් ඔබ අප පැමිණි අනන්ත සංසාර ගමනේ අසාරත්වය ධර්මාවබෝධය තුළින් දකිමින්, එම චන්දරාග බන්ධනයන්ගෙන් මිදීමේ මාර්ගය මෙම සදහම් දේශනාව තුළින් විග්‍රහ කර ඇත.

05. ථීනමිද්ධය දුරු කරන්නේ කෙසේ ද?

13 | ඔක්තෝබර් | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

භාවනා වැඩීමේ දී බොහෝ දෙනෙකුට බලපාන ගැටලුවක් වන "නිදිමත" ජය ගැනීම සඳහා උපකාර වන, අරිහත්වයට පත්වීමට ප්‍රථම මහමුගලන් තෙරණුවන් හට බුදුපියාණන් වහන්සේ නිදිමත ජයගැනීමට ලබාදුන් ප්‍රායෝගික උපදෙස් අන්තර්ගත වන "පචලායන සූත්‍ර දේශනාව" ඇසුරෙන් සිදු කරන ලද සදහම් දේශනයකි.

04. උදයව්‍ය ඥාණය යනු කුමක් ද?

23 | සැප්තැම්බර් | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

මේ මේ මොහොතේ අපගේ සිත රාග, ද්වේශ, මෝහයෙන් කෙලෙසමින් පටිච්චසමුප්පාදය උදා කරගනිමින් සසර ගමන සකස් කරගන්නා ආකාරයත්, පටිච්චසමුප්පාද නිරෝධයෙන් සසර ගමන නිමාකරන ආකාරයත් සරල ලෙස, එදිනෙදා ජිවිතයේ උදාහරණ ගෙනහැරපාමින් පෙළ දහමට අනුකූලව සිදු කරන ලද සදහම් විවරණයකි.

03. ආහාරයේ රාග නිරෝධ කරන්නේ කෙසේ ද?

14 | සැප්තැම්බර් 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

බුදුපියාණන් වහන්සේ විසින් වදාරණ ලද "ආහාර ප්‍රත්‍යවේක්ෂාව" පෙළ දහමේ සඳහන් පරිදි නිවැරදිව සහ අර්ථවත්ව ප්‍රගුණ කරමින් ප්‍රායෝගිකව නිවන් මග වැඩීමට මෙම සදහම් දේශනාව මග පෙන්වා දෙයි.

02. කමටහනක් ලෙස මෙනෙහි කරන්නේ කුමක් ද?

26 | අගෝස්තු | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

නිවන් මග වැඩීමේ අභිලාෂයෙන් යුතුව මග හසර සොයා යන සෑම සියළු දෙනාගේම යහපත උදෙසා, නිවැරදි සහ අර්ථවත් ලෙස "කමටහනක්" වඩන ආකාරය උදාහරණ සහිතව සරල ලෙස විග්‍රහ කරන සදහම් දේශනයකි.

01. එදිනෙදා ජීවිතයේ දී පටිච්චසමුප්පාදය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේ ද?

17 | අගෝස්තු | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර වූ පටිච්චසමුප්පාද ධර්මය, දහම් මග වැඩීමට කැමති සෑම සියලු දෙනාගේම යහපත උදෙසා, සරල බසින් එදිනදා ජීවිතයේ උදාහරණ ගෙනහැර පාමින් සිදුකරන ලද සදහම් විවරණයකි.

එදිනෙදා ජීවිතයේ දී පටිච්චසමුප්පාදය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේ ද? අලුත්

ජනවාරි | 2020 | ගරු.ධම්ම විජිතා මෙහෙණින් වහන්සේ

බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර වූ පටිච්චසමුප්පාද ධර්මය, දහම් මග වැඩීමට කැමති සෑම සියලු දෙනාගේම යහපත උදෙසා, සරල බසින් එදිනදා ජීවිතයේ උදාහරණ ගෙනහැර පාමින් සිදුකරන ලද සදහම් විවරණයකි.

0:00
0:00

















© Copyrights. All rights reserved. Gothama Arana